අපට අතිශය වැදගත් වූ ශාසනික සිදුවීම් - චීන මූලාශ්‍ර: ශ්‍රී ලංකාවේ සිට ක්‍රි.ව. 429 දී චීනයේ අගනුවරට

භික්ෂුණී ශාසනයේ ව්‍යාප්තිය සහ ශ්‍රී ලංකාවේ දායකත්වය.
අපට අතිශය වැදගත් වූ ශාසනික සිදුවීම් දෙකක්.
බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන්​ ශ්‍රී මහා බෝධි ශාඛාව
ශ්‍රී ලංකාවට වැඩම කරවා සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ
ලංකාවේ භික්ෂුණී ශාසනය ද බිහි කරලන ලදී.
චීනයට පස්වන සියවසේ මුල් භාගයේදී ගිය ශ්‍රී ලාංකික භික්ෂූනින් කණ්ඩායමක්
ශ්‍රී ලංකාවේ [සිංහ රාජධානිය (සිංහල)] සිට
ක්‍රි.ව. 429 දී චීනයේ (සොංග්) පුරාණ ජියානි
අගනුවරට (වර්තමාන නැන්ජින්) ගියහ.
දේවසාරා (තෙසාරා) භික්ෂූනින් ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලාංකික භික්ෂුණීන්
විසින් නන් ලින්ග් ආරාමයේ චීන භික්ෂුණීන් 300 කට වැඩි කාන්තාවන්
භික්ෂුණීන් ලෙස පැවිදි කර හඳුන්වා දෙන ලද උපසම්පදා පැවිදි කිරීමේ
විනය කර්ම සම්ප්‍රදාය අද දක්වාම පවතී,
එය පැහැදිලිව පාවෝ චැංග් (Pao-chang), ක්‍රි.ව. 467- ක්‍රි.ව. 534
ගේ පීච්යුනි ථවන් හෙවත් භික්ෂුණී චරිතාප්‍රදානය නම් (Pi-ch-iu-ni-chuan)
චීන බෞද්ධ ග්‍රන්ථවල සටහන් වේ

භික්ෂුණී සාසනය: චීන ජාතිකයෙක්ගෙන් ඉගෙනගමු, ආචාර්ය හව් වේ මින් - විසිත ලීලාරත්න පිළිසදර සමගින්

Wisdom in Motion: A New Chapter for the Bhikkhunī Sāsana in Canada
A sacred lineage—carefully preserved across China, Vietnam, Korea, Taiwan, and carried forward by courageous women in Canada—now gathers on Canadian soil, receiving its long-overdue recognition.
After 1,500 years, the ice breaks once again:
Canada honours Bhikkhunī Devasārā Therī.
🎥 Watch the video (Sinhala discussion by Dr. Hou WeiMin and Visita Leelaratna):
https://www.youtube.com/watch?v=TvLOTXwKnj4
Did you know?
In 1980, Dr. Siripala Leelaratna and Professor Hou WeiMin traveled to China to study East Asian Bhikkhunī lineages. Their groundbreaking work helped shape Visita Leelaratna’s vision—recognizing an unbroken ordination tradition that later supported the revival of the Bhikkhunī Sāsana in Canada after nearly a millennium.
A moment of history, resilience and renewal.